මඩේ එරුනු වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ ගැනුනා.
කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන අලි පැටවකු අද (04) දින හමුව තිබෙනවා.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශුවෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කලා.
එම වන අලි පැටවා තරමක දුර්වල මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරණු ලැබුවා.
ඉන් අනතුරුව මහත් පරීක්ෂමයක් දරමින් කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගැනීමට කටයුතු කර අතර පසුව රක්ෂිතයට පලවා හරිණු ලැබූවා.
මෙම වන අලි පැටවා කැකිරාව වෙරුන්කුලම ප්‍රදේශයේම වෙඩි තැබීමකින් මිය කෙනරගේ පැටවකු බව වනජීවි නිලදාරීන් සැක පල කරනු ලබනවා.

WhatsApp Group

Skip to content