මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරත වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මාර්ගය තුළ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීමට සාධාරණ කටයුත්තක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී මඩු වන්දනාකරුවන් යළි අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් වහාම ඒ පිළිබදව ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් දෙනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති මන්නාරම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.

WhatsApp Group

Skip to content