ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබිණි.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ.

මෙම නේවාසික නිවාස 96 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් හිමිවනු ඇත.

WhatsApp Group

Skip to content