මඩුවන්වෙල නින්දගමවත්ත ඉඩමෙන් කොටසක් සීමා සහිත දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වන වගාව සදහා මෙම ඉඩම ලබා දීමට තීරණය කර ඇති බවයි රජය පවසන්නේ.

දුම්කොළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති අදාළ ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව එම ඉඩමෙන් අක්කර 87 කට වැඩි ප්‍රමාණයක් වසර 30 ක කාලයක් සදහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content