කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය මත මඩකලපුවේ චෙන්කලඩි හි සිදු කරන ලද දෙළුම් වගාව අතිශයින්ම සාර්ථක වී තිබේ.

මින් පෙර කිසිදු අවස්ථාවක මඩකලපුව දිස්ත්‍රික්කය තුළ වගාවක් ලෙස දෙළුම් වගා කිරීමට පියවර ගෙන නැත. නමුත් මඩකලපුවේ මුහුදු සුළඟ සමඟ දෙළුම් වගා කිරීමට සුදුසු පරිසරයක් ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා විසින් චෙන්කලඩි පළවායි ප්‍රදේශයේ අක්කර 10ක නියාමන ව්‍යාපෘතියක් ලෙස දෙළුම් වගාව ආරම්භ කළේය.

මෙම දෙළුම් විශේෂය ඉන්දියාවේ වගා කරන භගවාන් නැමැති සුප්‍රකට දෙළුම් විශේෂය වේ.

අධි ඝනත්ව දෙපේළි ක්‍රමයට (High Density Double Raw System) මෙම වගාව සිදු කළ අතර ඊට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාවය කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දුන්නේය.

මෙම දෙළුම් වගාවේ ගොවීන් කිහිප දෙනෙක් අක්කර භාගයක් බැගින් වගා කරනු ලැබූ අතර අස්වනු නෙළීම මේ වනවිට සිදු වන අතර එම දෙළුම් වගාවේ.

මෙම ගොවීන් සියලු දෙනාම වගාවේ අස්වනු නෙලීම අරඹා මාස 06ක් තුළ මේ වනවිට ඉහළ ආදායමක් උපයා ඇති අතර පළවායි ප්‍රදේශයේ දෙළුම් වගා කළ උදයකුමාර් මහතා මේ වනවිට රුපියල් මිලියන 3.5ක් අක්කර භාගයක දෙළුම් වගාවෙන් වැඩිම ආදායමක් උපයාගෙන ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

WhatsApp Group

Skip to content