පවතින තත්ත්වය මත තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් අද(27) සිදු කරමිනි.

එසේම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අද වන විට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණදී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ තමන්ට එරෙහිව පළිගැනීමක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තමන්ට පැවසූ බවයි.

ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුණ ගැසුණු අවස්ථාවේදී මේ බව සඳහන් කළ බවයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහතින් නරඹන්න.

 

WhatsApp Group

Skip to content