මිහින්තලා රජමහා විහාරස්ථානයේ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව හෙළි වුණා.

ඒ් ගැන මා කළ ප්‍රකාශයක් හේතුවෙන් මිහින්තලා විහාරස්ථාන භූමියේ සියලුම යුද හමුදා, නාවික හමුදා, සිවිල් ආරක්ෂක සෙබළුන් ඉවත් කරනවා.

විදුලිබල මණ්ඩලය, ජල සම්පාදනය මණ්ඩලයේ යමෙකු ගැන සැකයි කිව්වොත් සියලු භටයන් අයින් කරයිද?

මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියම අයින් කරයිද, මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා.

හමුදාව ඉවත් කිරීම පෞද්ගලික පළිගැනීමක් බව ‌ෙඑතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ මැද මළුවේදී ඊයේ (10) දින පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහිදී ධම්මරතන හිමියෝ මෙසේද පැවසූහ.

රටේ පන්සල් පල්ලි කෝවිල් හැම තැනකම ආරක්ෂක අංශ සාමාජිකයන් සේවයේ යොදවලා ඉන්නවා. ආරක්ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නේ නැහැ. දාන මාන සකස් කරන්නේ නැහැ.

එතැනදී යුද හමුදාව ද දස මහ යෝදනයන්ද නාවික හමුදාව ද සිවිල් ආරක්ෂක බලකායද ගුවන් හමුදාවද පොලිසියද කියන ඒක අදාළ නැහැ. සිව්වනක් පිරිසට තමයි මේ සියලු දෙනා අයිති වෙන්නේ.

මම ඒදා කතා කළේ හමුදා ස්වේච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනෙකු ගැන නොච්චියාගම කඳවුරක අණදෙන නිලධාරියකු තමයි මෙහෙට ඒ දෙන්නා එවලා තියෙන්නේ.

මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ ධාතු මන්දිරය, අක්කර දහස් ගානක පැතිරී ඇති පුරාවිද්‍යා නටඹුන්වල ආරක්ෂාව පුදබිම සුද්ධ පවිත්‍ර කිරීම ඇතුළු සියලු දේ ආණ්ඩුව කළ යුතුයි.

ඒ දෙන්නා විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු. එහෙම ගන්න ඔ්න නම් එතන සංචාරක පොලිසියක් ති බෙනවා. මිහින්තලේ පොලිසිය තිබෙනවා. මැද මළුවේ පොලිස් මුරපොළක් තිබෙනවා. එවායේ විස්තර තිබෙනවා.

මම තමයි විහාරාධිපති. කවුරු හරි මෙහි ඒනවා නම් මට දැනුම්දීලා එන්නේ. මේ දෙන්නට මෙතන අකටයුත= වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.

තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කළා. කවුරුත් දන්නේ නෑ කවුද ඝාතනය කළේ කියලා. මම මේ ප්‍රකාශය කළේ ත්‍රිවිධ හමුදාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නෙවෙයි.

මේ හමුදාවේ භටයෝ කොහේ කඳවුරක කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වේ කියලයි අපි ප්‍රශ්න කළේ.

මූලාශ්‍රය – ලංකාදීප

WhatsApp Group

Skip to content