කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු බසය තුලදීම මරණයට පත්ව තිබෙනවා.
නිට්ටඹුව පොලිසිය සඳහන් කලේ මියගිය පුද්ගයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

බස් රථය නිට්ටඹුව ප්‍රදේශයට ආසන්න වෙමින් තිබියදී අදාළ මගියා රෝගී තත්ත්වයට පත් වී ඇති අතර නිට්ටඹුව පොලිසිය අසලදී බස් රථය නවතා සුව සැරිය ගිලන් රථය ගෙන්වීමටයි බස් රථ රියැදුරුවරයා කටයුතු කර තිබුනේ.
ඒ අනුව සුවසැරීය නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ රෝගියා ඒ වන විට මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.
පසුව නිට්ටඹුව පොලිසිය මැදිහත්ව මෘත දේහය වතුපිටිවල මූලික රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තාවන්නේ.

 

WhatsApp Group

Skip to content