ජපානයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

පසුගිය පළමුවනදා සිදු වූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම භූකම්පනයෙන් ප්‍රදේශ රැසක නිවාස, ගොඩනැගිලි සහ මහාමාර්ගවලට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජපානයේ නෝටෝ අර්ධද්වීපයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීම සදහා 3000 කට අධික සහන මෙහෙයුම් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content