පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සු`ඵ භූ කම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසනවා.

වැල්ලවාය, බුත්තල ආදී ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට පසුගිය පැය 24 තුළ යම් කිසි පොළව හෙල්ලීයාමේ සන්නිවේදනයක් දැනී තිබෙනවා.

එම සන්නිවේදනය දැඩි භූ කම්පනයක් ඇති වන ආකාරයේ හැඟීමක් නොවන බවයි ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/02/UDENI-BANDARA-EDIT.mp3?_=1

මේ අතර අද උදෑසන 4.15ට පමණ ඉන්දියාවේ තවත් භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වනවා.

මෙම භූ කම්පනය සිදු වී ඇත්තේ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ යුක්සෝම් ප්‍රදේශයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එය රික්ටර් මාපකයේ 4.3ක අගයකින් සමන්විත අතර ඊයේ දිනයේදී ද ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගෝන් ප්‍රදේශයෙන් ද රික්ටර් මාපකයේ 4.0ක භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

මේ අතර තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදු වී අදට දින හතක් ගත වනවා.

කෙසේ වෙතත් තවදුරටත් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කර අවසන් නොමැති අතර විදෙස් වාර්තාවලට අනුව මේ වන විට මියගිය සංඛ්‍යාව 33 000 ඉක්මවා ඇති බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන්වර නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50 000 ඉක්මවනු ඇති බවටයි.

WhatsApp Group

Skip to content