හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කළ ඇතැම් ඖෂධ භාවිතයට නුසුදුසු බව සොයාගන්නා විටත් එම ඖෂධවලින් සියයට 90 ක්ම රෝගීන්ට ලබාදී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විගණන වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කළේ අතැම් ඖෂධ මිලදී ගැනීම සදහා කැබිනට් අනුමැතිය ලබාදීමටත් පෙර තාක්ෂණික ඇගයීම් වාර්තා නිකුත් කර ඇති බවයි.

එමෙන්ම කල්ඉකුත් වීමට ආසන්න ඖෂධ හැකි ඉක්මනින් භාවිතයට ගන්නා ලෙස දන්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය ලිපියක් නිකුත් කර ඇති බවයි එම සංගමය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/CHAMAL-SANJEEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content