අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කිරීමට‍ ලංකා සතොස ආයතනය තීරණය තිබෙනවා.

සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල්වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ.

රතු කැකුළු කිලෝවක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169ක්.

සම්බා සහල් කිලෝවක නව  මිල රුපියල් 222ක් වන අතර එම කිලෝවකින් අඩු කර ඇති මිල රුපියල් 6ක්.

පරිප්පු කිලෝවක මිලට රුපියල් පහකින් අඩු කිරීමත් සමගින් පරිප්පුවල නව මිල වන්නේ රුපියල් 295ක්.

කඩල කිලෝවක මිල රුපියල් හයකින් පහත දැමීමත් සමගින් නව මිල රුපියල් 549ක් දක්වා අඩු වී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content