අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදාහරිමින් සිටි භාණ්ඩ බෙදාහැරීම් සේවා සමාගම් 2 ක සේවකයින් දෙදෙනෙකු ගැටගසා ඔවුන් සතුව තිබූ ලක්ෂ 3 කට ආසන්න වටිනාකමින් යුතු භාණ්ඩ හා මුදල් තොගයක් පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙලෙස මුදල් තොගය පැහැරගෙන පළා ගිය සංවිධානාත්මක කල්ලිය සොයා ඉපලෝගම පොලිස් ස්ථානය මගින් මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.

ඉපලෝගම පොලිස් වසමට අයත් සේනපුර යාය 5 ප්‍රදේශයේදි මෙම මංකොල්ලාකෑම සිදු වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අදාළ සිදුවීමට මුහුණපෑ සේවකයින් දෙදෙනා ඉපලෝගම පොලිස් ස්ථානයට ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content