ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

අගෝස්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 970 දක්වා රුපියල් 29කින්ද තායි හාල්මැස්සන් කිලෝ එකක් රුපියල් 1160 දක්වා රුපියල් 15කින්ද පහත දමා තිබෙනවා.

මේ අතර රුපියල් 360ක්ව පැවැති දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 350 දක්වා රුපියල් 10කින්ද රුපියල් 650ක්ව පැවැති සොයාමීට් කිලෝවක මිල රුපියල් 625 දක්වා රුපියල් 25කින්ද රුපියල් 330ක්ව පැවැති අර්තාපල් කිලෝවක මිල රුපියල් 325 දක්වා රුපියල් 5කින්ද පහළ දමා තිබෙනවා.

භාස්මති සහල් කිලෝවක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 675ක්.

එසේම රුපියල් 5 බැගින් මිල පහළ දමමින් කඩල කිලෝවක් රුපියල් 555ක් ලෙසත් සුදු ළූණු කිලෝවක් රුපියල් 630ක් ලෙසත් පහත දමා තිබෙනවා.

මේ අතර රුපියල් 149ක්ව පැවැති රතු කැකුළු කිලෝවක මිල රුපියල් දෙකකින් පහළ හෙළමින් රුපියල් 147ක නව මිලක් යටතේ හෙට(17) දිනයේ සිට අලෙවි කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content