ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල යළිත් පහත දමා තිබෙනවා.

ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පාන් පිටි කිලෝවක මිල රුපියල් 210 ක් වන අතර ලොකු `ඵණු කිලෝවක මිල ද රුපියල් 115 ක් වනු ඇති බවයි.

එමෙන්ම රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 314 ක් වනවා. මේ අතර සුදු සීනි කිලෝවක මිල රුපියල් 229 ක් වන අතර කඩල  කිලෝවක මිල රුපියල් 545 ක් වනු ඇති බව සදහන්.

එමෙන්ම සුදු නාඩු සහල් කිලෝවක මිල ද රුපියල් 175 ක් වනු ඇති බවටයි ලංකා සතොස ආයතනය මගින් නිකුත් කරන ලද නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content