වයඹ දිග පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඩෙරා ඉස්මයිල් ඛාන් නගරයේ පොලිස් මුර සංචාරයක් ඉලක්ක කරමින් එල්ල වී ඇති මෙම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මෙම සිද්ධිය මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සිදු වූවක් ද නැති නම් ඒ අසල අටවා තිබූ බෝම්බයකින් සිදු වූවක් ද යන්න පිලිබඳ මෙතෙක් තහවුරු වී නැති බවයි පාකිස්තානු පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.

 

 

WhatsApp Group

Skip to content