කටුනායක ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට ජංගම දුරකථනයෙන් ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබෙනවා.

14 හැවිරිදි මෙම සිසුවා තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී පර්යන්ත (2) එහි බෝම්බයක් ඇති බවට දැනුම් දී ඇති බවයි ගුවන්තොටුපල පොලිසිය සඳහන් කලේ.

ඇමතුම අනුව නිලධාරීන් එම පර්යන්තය පරික්ෂා කිරීමේදී විනාඩි කිහිපයකින් නැවතත් එම සිසුවා ඇමතුමක් ලබා දෙමින් තමන් සිදුකළේ විහිළුවක් බවට දැනුම් දී තිබෙනවා.

අනතුරුව කළුබෝවිල සුනන්දාරාම පාර පාරේ පදිංචි මෙම සිසුවා පොලිසියට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර , සිසුවා මෙම ක්‍රියාවේ බරපතල බව නොදන්නාකමට සිදු කළ ක්‍රියාවක් බවට අනාවරණය වීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කර මුදා හැරිය බව පොලිසිය සඳහන් කලා.

WhatsApp Group

Skip to content