උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් ඇති වාර්තාවනවා.
දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත් බෝට්ටුවක් ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත ගමන් ආරම්භ කර ඇති බවයි සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ.

හයිටි වෙරළාරක්ෂක බළකාය විසින් අනතුරට පත් යාත්‍රාවේ සිටි 41 දෙනෙකු බේරාගෙන ඇති බව විදසේ වාර්තා සඳහන් කරනවා.

ඔවුන්ගෙන් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලැබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content