පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (01) මෙලෙස මෙම 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදීය.

WhatsApp Group

Skip to content