පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී. එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැස තිබෙනවා.
මේ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීමට අද සිට දින 20 ක කාලයක් ගත වන බවයි කොළඹ නගර සභාව විසින් දැනුම් දී ඇත්තේ.
ඒ අනුව එම මාර්ග ඔස්සේ කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැළසුම් දෙකක් යටතේ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content