ජපන් සහයෝගිතා සංගමය, ජාතික තරුණ සේවා සභාව හා ශ්රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව මෙව​ර ‘බොන් ඔදොරි’ උත්සවය උත්කර්ෂවත් අන්දමි​න් පවත්වනු ලැබීය.
මෙම අවස්ථාවට සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා ද එක් විය.
“බොන් ඔදොරි’ යනු වසරකට වතාවක් මනුෂ්ය ලෝකය වෙත පැමිණෙන බවට විශ්වාස කෙරෙන, මියගිය මුතුන් මිත්තන්ගේ ආත්මයන් පිළිගෙන ආපසු යැවීමේ චාරිත්රයෙන් ආරම්භ ​වූ ජපන් සම්ප්රදායක් වන අතර, එය ජපානය තුළ එරට සංස්කෘතික සම්ප්රදායේ හදවත සහ ආත්මය මෙන් සලකා ඉතා ප්රකටව සමරනු ලබයි.
ජපාන රජයේ දායකත්වයෙන් ඉදිකරන ලද ජාතික තරුණසේවා සභා පරිශ්රයේ දී මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය පවත්වනු ලැබීම විශේෂත්වයකි.

WhatsApp Group

Skip to content