ක්‍රිකට් ක්‍රීඩාවේ සුප්‍රසිද්ධ බොක්සින් දිනය අදට යෙදී ඇති අතර, ඒ අනුව අද දිනයේදී ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එහිදී පළමු තරඟය ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟය මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හීදී ආරම්භ කර තිබෙනවා.

කාසියේ වාසිය දිනු පාකිස්තාන නායක ශාන් මෂූඩ්ගේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 23ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා.

මේ අතර අද පැවැත්වෙන දෙවැනි තරඟයේදී ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි.

මෙම තරඟට මෙරට වේලාවෙන් අද පස්වරු 1.30 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content