බේරේ වැවේ ජලය පිරිසිදු කිරීම හා ජලයේ ගුණාත්මභාවය නඩත්තු කිරීම සඳහා වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් එම තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වාගෙන යාම සඳහා වන ව්‍යාපෘති ග්‍රෝපෝ ලංකා පුද්ගලික සමගම විසින් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ .
මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධි තාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන කිරීමට නියමිතයි .

මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය අදාළ රාජ්‍ය ආයතන වෙත දන්වා තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අදාළ ක්‍රියාවලිය වසර විස්සක කාලයක් ඉදිරියට පවත්වාගෙන යාමට අදාළ ආයතනවලට හැකියාව පවතිනවා.
එමෙන්ම මෙම ග්‍රෝපෝ ලංකා පුද්ගලික සමාගම ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ විශේෂිත විද්‍යාගාරයක් පිහිටුවීමට අදාළ ආයෝජන සිදුකිරීමට ද නියමිතයි.

WhatsApp Group

Skip to content