බේරුවලට ආසන්න මුහුදේ භූ චලනයක් හටගෙන තිබෙනවා.

අද පස්වරු 1 ට පමණ හටගෙන තිබු මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ එකක 3.7ක් ලෙස සටහන් වුණා.

සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ බේරුවල , කළුතර සහ කොළඹ ප්‍රදේශවලට මෙම භූ කම්පන තත්ත්වය දැනී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනයේ කිසිදු බලපෑමක් නොමැති බවයි සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content