බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අකුරැස්ස, ඉඹුල්ගොඩ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු ඝාතනය සදහා යොදාගත් ගිනිඅවිය කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ සඟවා තබා පසුව එම ගිනි අවිය කඹුරුපිටියේ සිට ගාල්ල කරාපිටිය ප්‍රදේශයට රැගෙන යාමට සහය වූ සැකකරුවෙකු බවටයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content