දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ පර්යන්තය ආසන්නයේ වෙළෙඳ සැලක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය කියා සිටියේ සිද්ධිය වූ ස්ථානයේදීම පුද්ගලයන් සිව් දෙනෙක් මරණයට පත්ව ඇති බවයි.

එසේම වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වූ තවත් පුද්ගලයෙකුගේ සිරුරක් තංගල්ල රෝහලේ තැන්පත් කර ඇති බවද වී නිව්ස් වාර්තාකරු කියා සිටියා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ වෙළෙඳ සැලක් අසල නවතා තිබී සුදු පැහැති ඩිපෙන්ඩර් වර්ගයේ රථයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ ඩිෆෙන්ඩර් රථය ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඔවුන් පළාගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

WhatsApp Group

Skip to content