බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීම ආසන්න ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් අතර පක්ෂ නායකයෙකුද සිටින බව වාර්තා වනවා.

වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නමැත්තා බවයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේදී පුද්ගලයන් සිව්දෙනෙක් මරණයට පත්වූ අතර අනෙක් පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබෙනවා.

මරණයට පත්වූ අනෙක් පුද්ගලයන් බේරුවල ප්‍රදේශයේ පිරිසක් බවටද වාර්තා වනවා.

ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි පිරිස අධිවේගී මාර්ගයේ පිටවීම ආසන්නයේ ඇති කුඩා ප්‍රමාණයේ ආපන ශාලාවක් ඉදිරිපිට රථය නතර කර ඇති විට වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කොට පලාගොස් තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රී ධුරයක් හිමි වූවා.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතුරලියේ රතන හිමියන් මෙම පක්ෂය නියෝජනය කරමින් මැතිවරණය ඉදිරිපත් වූවා.

එහිදී ලද මන්ත්‍රී ආසනය වෙනුවෙන් අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිකර ගත්තා.

 

WhatsApp Group

Skip to content