බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද සහ හෙට බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

ඒ අනුව, අද රාත්‍රි අටේ සිට හෙට අලුයම එක දක්වා බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතුයි.

එමෙන්ම රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට රාත්‍රී අටේ සිට අනිද්දා අලුයම 3 දක්වා බොරලැස්ගමුව – නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට – අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content