ඓතිහාසික බෙල්ලන්විල ඇසළ මහ පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

මේ හේතුවෙන් අද බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව පොලිසිය දැනුම් දෙන්නේ අද පස්වරු 06 සිට බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

මේ අතර නවගමුව පුරාණ පත්තිනි දේවාලයේ පෙරහැර මංගල්‍ය හේතුවෙන් අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

පොලිසිය පැවසුවේ අද රාත්‍රි 08 සිට හෙට අලුයම 02 දක්වා අවිස්සාවේල්ල පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

WhatsApp Group

Skip to content