ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ලබන 12 වැනිදා විරෝධතා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කලේ 12 වනදා දහවල් කෑම පැයේදි දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට මෙම විරෝදතාව පවත්වන බවයි.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වු ජාතික රෝහලේ වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට උත්සාහ ගනිමින් සිටිනා බවයි කොළඹ පවතී මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම සෞඛ්‍ය සේවකයන් සිදුකරනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමර්ගයකට මැදිහත්විමට වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි උපුල් රෝහණ මහතා අවධාරණය කලේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හෙළා දකිමින් සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලනය දැනුවත් කළද මෙතෙක් ඊට සාධනිය ප්‍රතිචාර ලැබී නැති බවද ඒ මහතා සඳහන් කලා.

WhatsApp Group

Skip to content