ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වේ.

පසුගිය ඇෆ්ගනිස්තාන තරගාවලියේ ඇතුවූ උණුසුම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා ඇති නිසා අද ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙයවයි.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.

WhatsApp Group

Skip to content