බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පර්යේෂණ සඳහා මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙනවිත් තිබෙනවා.

බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මව් කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස් සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පවසනවා.

මෙම පර්යේෂණ සාර්ථක වී, චීස් නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු අවධාරණය කළා.

WhatsApp Group

Skip to content