මේ දිනවල වවුනියාවේ පුවක් මිල ඉහල යාමත් සමගම බුලත් විටක මිලද රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රුපියල් හතරට තිබූ සාමාන්‍ය පුවක් ගෙඩියක් රුපියල් 30ක් දක්වාද මධ්‍යම ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 40ක් දක්වාද ඉහළ ගොස් ඇති අතර, ලොකු ප්‍රමාණයේ පුවක් ගෙඩියක් රුපියල් 50ක් දක්වා ඉහල ගොස් තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පුවක් මිල ඉහළ යාම හා පුවක් හිඟය නිසා රුපියල් 50ට තිබූ බුලත් විටක මිල රුපියල් 150ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි වැඩි දුරටත් සදහන් වන්නේ.

WhatsApp Group

Skip to content