විදේශීය රටකින් ලබා දී ඇති  සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව්   කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට  හැකි වූ බවත් මෙම බරපතල ‍ප්‍රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය

 දඹුල්ල ප්‍රදේශයේ මහජන රැස්වීමකට සහභාගි වී සිටින  අවස්ථාවකදී මාධ්‍යවේදීන්  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ විශේෂයෙන්ම විදේශීය රටකින් පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම බරපතල ප්‍රශ්නයක් බවය

 මෙරට බුද්ධි අංශවල මොරාල් එකේ   අඩුවීමක් ඇති වී තිබෙන බවද සඳහන් කළ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මීට වඩා බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතු බවය

 රටේ යම්කිසි කඩා වැටීමක් දෙදරීමක් සිදුවන්නට පෙර ඒවා නිවැරදි මඟට ගැනීම තමන් සිතන බවත් මෙවැනි සිද්ධීන්   සිදුවන තුරු බලා සිට දේශපාලනය කරන තරම් පහත් මට්ටමක තමන් නොසිටින බවද හෙතෙම සඳහන් කළේය.

රජයක වගකීම මෙවැනි තොරතුරක් ලැබුණු සැනින් අඬ බෙර ගසා සංදර්ශන පවත්වා   මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නොව සිදුකළ යුත්තේ ඊට බුද්ධිමත්ව පිළිතුරු ලබාදීම බවද එවැනි සිද්ධීන් පසුගිය කාලයේ ලැබී තිබියදී ඒවා විසඳා ගැනීමට රජයට හැකි වූ බව හෙතෙම පැවසීය

WhatsApp Group

Skip to content