ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

ඊයේ දිනයේ පැවති පළමු තරගයේදී ගෝල් ටයිටන් කණ්ඩායම පරාජය කර ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 203ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක වනිදු හසරංග පන්දු 27දී ලකුණු 64ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

එහිදී වනිදු හසරංග ලකුණු 17ට කඩුළු 4ක් බිද හෙළීමට සමත් වුණා.

මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයේදී කලම්බෝ ස්ට්‍රකර්ස් කණ්ඩායම පරදා කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

 

 

WhatsApp Group

Skip to content