ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 34 කින් පරාජයට පත්කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 157ක් රැස්කර ගත්තා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නියැලුණු නායක වනිඳු හසරංග පන්දු 30කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 48ක් රැස්කළා.

දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 38ක්.

ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර සහ සොනාල් දිනූෂ කඩුලු 02 බැගින් දවා ගනු ලැබුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අද දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content