පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ.

බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000ක් ලබා දීමට කටයුතු කරන බව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දිනයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ.

මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content