උත්සව සමය ඉලක්ක කරගනිමින් දිවයින පුරා බීමත් රියැදුරන් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන කොට්ඨාසය පවසනවා.

මෙම මෙහෙයුම ජනවාරි මස දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර උත්සව සමය තුළ සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා සිට දෙසැම්බර් මස 19 වැනිදා දක්වා රථ වාහන පොලිසිය මගින් රථ වාහන රියැදුරන් සම්බන්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර දින හතරක එම වැඩපිළිවෙළ මගින් බීමත්ව රිය පැදවූ රියැදුරන් 2 427 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අපරික්ෂාකාරී අයුරින් රිය ධාවන කළ රියැදුරන් 232ක් සහ අධික වේගයෙන් රිය ධාවනයේ යෙදුණු 235කට ආසන්න රියැදුරන් සංඛ්‍යාවක් හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා .

 

WhatsApp Group

Skip to content