බි්‍රතාන්‍ය රාජකීය හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා.

එච්.එම්.එස්. ස්පේ නම් නෞකාව මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර එම නෞකාව මීටර් 90.5 ක් දිගින් යුක්ත බව සදහන්.

එම නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කපිතාන් පෝල් කැඩී කටයුතු කරන අතර 56 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මෙම නෞකාවෙන් මෙරටට පැමිණ තිබෙනවා.

අදාළ නෞකාවෙන් පැමිණි භට පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී මෙරට නාවික හමුදාව සමග එක්ව බටහිර නාවික විදානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසවල නිරතවීමට ද සැලසුම් කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content