රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බි්‍රක්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙනවා.

අද සහ හෙට යන දෙදින පුරා මෙම සමුළුව පැවැත්වෙනු ඇති.

බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝගවලට මුහුණදීමේ අරමුණින් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් එක් වී පිහිටුවා ගත් සංවිධානය ලෙස බි්‍රක්ස් සංවිධානය හඳුන්වනු ලබනවා.

මෙම වසරේදී ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඉතියෝපියාව යන රටවල්ද එහි සාමාජිකත්වය ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content