සිය බිරිඳගේ සිරුරට ගිණි තබා මරා දැමූ ස්වාමි පුරුෂයකුට යාපනය මහාධිකරනය මගින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

යාපනයේ මනිපායී කාකායී ප්‍රදේශයේ පුද්ගලයකු විසින් 2015 ජූනි මස 20 වෙනිදා පවුල් ආරවුලක් මත සිය බිරිඳ මෙසේ ඝාතනය කර ඇති බව සඳහන්.

සිද්ධියෙන් පසුව පොලිසිය විසින් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු වසර 02ක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව තිබෙනවා.

පසුව මෙම නඩුව යාපනය මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී වසර තුනක් මුලුල්ලේ පැවති නඩු විභාගයකින් පසුව යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමකුමාර් මහතා විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

සැකකරුට එරෙහිව පොලීසිය විසින් ගොණු කොට තිබූ සියලුම චෝදනා පැහැදිලිව ඔප්පු වී තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි නොතිබුණද භෞතික හා රසායන සාක්කි පදනම් කරගෙන මෙම නඩුව විභාගයට ගෙන ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content