බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 5කින් දීර්ඝ කිරීමට සැලසුම් කර තිබෙනවා.

2023 වසරේ සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පැවසුවේ.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. බිම් බෝම්බ ඉවත් කිරීම 2002 වසරේදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ මූලිකත්වයෙන් ආරම්භ කළා.

ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ලෝක බිම් බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අනුව 2028 වසර වන විට ශ්‍රී ලංකාව බිම් බෝම්බ අවධානමෙන් තොර රටක් බවට පත් කළ යුතු වනවා.

එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වර්ග කිලෝමීටර 15 ක භූමි ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා.

මේ අතර තවදුරටත් හදුනා නොගත් වර්ග කිලෝමීටර 2 ක භූමි ප්‍රමාණයක් ස්ථිර අනතුරුදායක ප්‍රදේශ ලෙස වාර්තා වී තිබෙන බව සදහන්.

WhatsApp Group

Skip to content