බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය හිමිවන බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අභියෝග අතර පවතින සමානත්වය පෙන්වා දුන් තානාපතිවරයා ජපානය යළි නැගී සිටීමේදී පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව ශ්‍රී ලංකාවට ආදර්ශයක් බව ද සඳහන් කළා.

වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා කැප වී සිටින ශ්‍රී ලංකාවට, ජපානය ආදර්ශයට ගනිමින් මෙම අභියෝග රටේ ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතා කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content