බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 29 දින සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් ලෙස උපරිම සිල්ලර මිලක් පැනවීමටයි කටයුතු කර තිබුණේ.

ඊයෙ මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගත් අතර ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයයි මෙලෙස නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content