බිත්තර මිල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

බිත්තර නිෂ්පාදකයින් සහ කුකු`ඵ ව්‍යාපාරික සංගම් නියෝජිතයින් ඊට සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් පාලන මිලක් නියම කරමින් පසුගිය දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය නියම කළා.

කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් විසින් එය නොතකමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content