වෙළෙඳපොළ තුල බිත්තර මිල ගණන් යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 55 – 60 අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේ අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් පහළ යනු ඇති බවයි .

මේ අතර, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයද පවසන්නේ රතු බිත්තරයක මිල රුපියල් 50ක් සහ සුදු බිත්තරයක මිල රුපියල් 49ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content