\බිත්තර නිෂ්පාදකයින් විසින් අයුතු ලාභ ලබා ගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති අනුර මාරසිංහ මහතා පවසන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි.
ඒ අනුව ඔවුන් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් ලබා ගන්නා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර ඇති බව වාර්තාවන්වා.

WhatsApp Group

Skip to content