බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් කේක් කිලෝවක මිලද රුපියල් 100 කින් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
උත්සව සමයේදී දේශීය බිත්තරයක මිල රුපියල් 35ට වඩා අඩු මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ.
විශේෂයෙන් උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් හා බිත්තර වෙළෙඳපළට සැපයීමට පියවර ගන්නා බවත්, ඒ අනුව අවම මිලකට කුකුළු මස් හා බිත්තර ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් බිත්තරයක මිල රුපියල් 35 දක්වා අඩු වුවහොත් පමණක් කේක් ඇතුලු බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පහත දමන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content