බිංගිරිය ආයෝජන කලාපය කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (29) පැවැත්විණ.

මේ වන විට ගැටලු සහගතව පවතින ඉඩම් වෙන් කර ගැනීම්, විදුලිය, ජලය සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබාදීමට මෙහි දී පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ඇතුළු ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම මෙම ව්‍යාපෘතියට අදාළ අනෙකුත් රේඛිය අමාත්‍යංශවල සහ ආයතන වල නිලධාරීන් කැඳවා තිබිණ.

WhatsApp Group

Skip to content