එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා අද දිවයිනට පැමිනීමට නියමිතයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදුවනවා .

සියොල් හි පිහිටි ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපතිවරයා වන බෑන් කී මුන් මහතා මෙරට රැදි සිටින කාලය තුළ තිරසර සංවර්ධනය සහ දේශගුණික විපාර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි.

ඔහු හෙට ජනාධිපතිවරයා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සුදානමින් සිටීනවා.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විශ්ව විද්‍යාලය කෙරෙහිද ඔහුගේ අවධානය යොමුවනු ඇති .

WhatsApp Group

Skip to content